Programs

සම්මාදිට්ඨි භාවනා වැඩසටහන සහ ධර්ම සාකච්ඡාව

සෙනසුරාදා දිනවල සවස 6:30 සිට 8:30 දක්වා via Zoom

සතර සතිපට්ඨානය මූලික කරගත් භාවනා පුහුණුවක් සහ ධර්ම සාකච්ඡාවක් ලෙස සෑම සෙනසුරාදා දිනකම සන්ධ්‍යා කාලයේ අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන පවත්වනු ලැබේ. මෙම පුහුණව ඔබගේ දෛනික කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් නිවන් මග පසක්කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරී වනු ඇත.

මෙම වැඩසටහනට සහභාගී වීමට කැමති ඔබ සැම පහත ඇති වෙබ් පිටුව හරහා එක වරක් ලියාපාදිංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.  

https://forms.gle/yqJXMMEMbYQGx7hW9

Guided Meditation and Dhamma Discussion

Wednesday from 4:00 PM to 6:00 PM via Zoom

This program is conducted in English and targeted at the regular participants with interest in Buddhist meditation and teachings. The program includes guided meditation followed by Dhamma discussions based on the original teachings of the Buddha. If you are interested in participating in these sessions, please register once using the link below. We will provide instructions on how to connect using Zoom for those who register.

https://forms.gle/AcbmBk6YoRxvnuVo9

පහන් සිතක් දහම් බිඳක්

තත්කාලීන ධර්ම දානමය පින්කම් මාලාව via Zoom

නෑදෑ හිතවතුන් සමග ඔබ නිවෙස් තුළ සිදුකල මහඟු පින්කම් ඒ අයුරින්ම සිදුකිරීමට වත්මන් වාතාවරණය ඉඩ නොදුනද, ඒ උතුම් කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමේ පහසුකම් අප විහාරස්ථානය මගින් දැන් සලසා ඇති බව මෙලෙස දැනුම් දෙන්නේ හද පිරි සතුටකිනි.  

පළමුව, ඔබගේ පිංකම සිදු කරන දිනය සහ වේලාව සුපුරුදු පරිදි අප හාමුදුරුවන් වහන්සේලා අමතා වෙන්කරවා ගන්න. ඉන්පසු ඒ තොරතුරු පහත ඇති To sponsor a session වෙබ් පිටුව හරහා අප වෙත ලබා දෙන්න. එවිට ඔබගේ පිංකම සඳහා අවශ්‍ය තාක්ෂණික තොරතුරු ඔබ වෙත අප ලබා දෙන්නෙමු. අප ලබාදෙන එම තොරතුරු ඔබ ඔබගේ හිතවතුනට සපයා ඔවුන් අන්තර්ජාලය හරහා පිංකමට සහභාගී කරවා ගන්න. තාක්ෂණික කටයුතු මෙහෙයවීමේ වගකීම පංසලේ දායක කමිටුව විසින් භාරගනු ලබන අතර, ඔබට ඇත්තේ පිංකම පිලිබඳ හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡා කොට අපට දැනුම් දී ඔබගේ හිතවතුනට ආරාධනා කිරීමේ වගකීමයි.

To sponsor a session:  https://forms.gle/y8mf2JdtpQMuJrQR7

To receive session emails:  https://forms.gle/VMjXu7GobkjG2yRA9

Children's Dhamma Program

On Sundays via Zoom

This program is designed to help children stay connected with the teachings of the Buddha and Buddhist customs during the present "new normal" in their lives. They will have an opportunity to interact with Bhantes and teachers to share their thoughts in a safe, closed, informal online environment. 

The program is offered on Sundays from the beginning of September to the end of June. Interested parents are kindly requested to refer to the children's program portal at https://dhammaschool.abva.org or contact dhammaschool@abva.org for details.